තායිලන්තයේ සංචාරක නිකේතන නගරයක බෝම්බ පිපිරීම්

Friday, 12 August 2016 - 8:07

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
තායිලන්තයේ දේශීය හා විදේශීය සංචාරකයන් අතර, ප්‍රචලිත හුවා හින් ප්‍රදේශයේදී ඊයේ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් කාන්තාවක මියගොස් තවත් 19 දෙනෙකු තුවාල ලැබුවා.

විදේශීය සංචාරකයන් 5 දෙනෙකු ද තුවාල ලැබූ අය අතර සිටින බව සදහන්.

හුවා හින්හි  සංචාරක නිකේතනයක මල් පෝච්චිවල එකිනෙකට මීටර් 50 ක් පමණ දුරින් අටවා තිබූ බෝම්බ දෙකක් පැය භාගයක් ඇතුළත පුපුරුවා හැර තිබුණේ ජංගම දුරකථනවලින් ක්‍රියාත්මක දුරස්ථ පාලක වලින්.

තායිලන්තයේ දකුණු දිග ප්‍රදේශවල අන්තවාදී ප්‍රහාර මීට පෙර දක්නට ලැබුණ ද සංචාරක නිකේතන ප්‍රදේශයක මෙවැනි ප්‍රහාර විරල සිද්ධියක්.

තායිලන්තයේ භූමිබෝල් රජුගේ නිවහනක් ද තායි බොක්කේ පිහිටි හුවා හින්හි පිහිටා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories