හඟුරන්කෙත - දමුණුමෑය ප්‍රදේශයෙන් ආයුධ තොගයක් සොයා ගැනේ

Friday, 12 August 2016 - 9:58

%E0%B7%84%E0%B6%9F%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%99%E0%B6%AD+-+%E0%B6%AF%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%91%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
හඟුරන්කෙත - දමුණුමෑය ප්‍රදේශයේ වෙල් යායක පිහිටි ගල්පර්වතයක් මත තිබී ආයුධ තොගයක් සොයාගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ ප්‍රදේශවාසියෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව මෙම ආයුධ තොගය සොයාගත් බවයි හඟුරන්කෙත පොලිසිය ප්‍රකාශ කළේ.

සොයාගත් ආයුධ අතර ටී 56 උණ්ඩ 261 ක්, ගිනි අවි අමතර කොටස් 03 ක්, මැගසින් 04 ක්, පූචස් 04 ක්, මාලිමාවක් සහ රම්බෝ වර්ගයේ පිහියක් ඇතුළත්.

මෙම ආයුධ තොගය කිසියම් අවි ගබඩාවකින් සොරාගත් ඒවා බවට සැක කෙරෙන අතර, පොලිස් විශේෂ කාර්ය බලකාය සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි හඟුරන්කෙත පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories