ජැක්සන් ඇන්තනී බරපතල වංචා විමර්ශන කොමිසමේ

Friday, 12 August 2016 - 12:45

%E0%B6%A2%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%93+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A
ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත අද (12) පෙරවරුවේ පැමිණියා.

ඒ, හම්බන්තොට - මාගම්පුර වරාය විවෘත කිරීමේ උත්සවය සඳහා යොදාගත් නර්තන අංගයක් සඳහා මුදල් ලබාගැනීමේදී සිදුවු අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායී.

ඔහු මීට පෙරද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබෙනවා.

මේ අතර, හිටපු ජනාධිපතිගේ මාධ්‍ය ප්‍රකාශක සහ සී.එස්.එන් නාලිකාවේ හිටපු ප්‍රධානී රොහාන් වැලිවිට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණියා.

අද පෙරවරු 10ට පමණ ඔහු පැමිණ ඇත්තේ සී.එස්.එන් නාලිකාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහායි.

මේ වනවිටත් ඔහුගෙන් එම ප්‍රකාශය සටහන් කර ගනිමින් සිටින බවයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories