යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය හෙට ශ්‍රී ලංකාවට

Friday, 12 August 2016 - 12:49

%E0%B6%BA%E0%B7%94%E0%B6%B1%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන ඉරිනා බොකෝවා නිල චාරිකාවක් සදහා හෙට (13) ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

එහිදී ඇය ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිදියාවට මෙන්ම 2030 වසරේදී තිරසාර සංවර්ධනයක් අත්කර ගැනීම සදහා වන ක්‍රියාවලියට යුනෙස්කෝවේ සහාය තහවුරු කරනු ඇති බව ජගත් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ශ්‍රී ලංකාවේ සංචාරය කරන ප්‍රථම නිල චාරිකාව මෙයයි.

ඇය මෙහිදී ඉහළ පෙලේ ද්වීපාර්ශවික සාකච්ඡා කිහිපයකටම සහභාගි වීමට නියමිතයි. යුනෙස්කෝව මගින් නම් කළ ලෝක උරුමයන් 8 ක් ශ්‍රී ලංකාවේ පවතිනවා.  

පොළොන්නරුව ඓතිහාසික නගරය, සීගිරිය ඇතුළු එවැනි ලෝක උරුමයන් කිහිපයක්ම ඇයගේ නිරීක්ෂණයට ලක් වන අතර, මහනුවර ඇසළ පෙරහර නැරඹීමට ද යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය එක්වනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories