නයිජීරියාවෙන් නැවතත් පෝලියෝ මතු වෙයි

Friday, 12 August 2016 - 12:58

%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A2%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වසර දෙකකට පසු ප්‍රථම වරට අප්‍රිකානු නයිජීරියා රාජ්‍යයෙන් පෝලියෝ රෝගීන් දෙදෙනෙකු සොයා ගෙන තිබෙනවා.

උතුරුදිග නයිජීරියාවේ බෝනෝ ප්‍රාන්තයේ ළමයන් දෙදෙනෙකු පක්ෂ ගාත රෝගයට ගොදුරුව ඇති බවයි වාර්තා වන්නේ.

බොකෝහරාම් ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් බලවත් මෙහි එන්නත් වැඩසටහන් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ.

නිසි සනීපාරක්ෂාවක් නොමැතිවීම සහ පිරිසිදු පානීය ජලය නොමැතිවීම ද පෝලියෝ රෝගය පැතිරීමට හේතුවක්.

නව තත්ත්වය හේතුවෙන් නයිජීරියාවට පෝලියෝ වලින් මිදුනු රටක් බවට පත්වීමේ ඉලක්කය ඔවුන් අපේක්ෂා කළ පරිදි 2017 වසරේදී සපුරා ගැනීමට නොහැකි වනු ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories