මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද රාත්‍රියේ

Saturday, 13 August 2016 - 7:54

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%87%E0%B7%83%E0%B7%85+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනවා.

පසුගිය 8 වන දා කුඹල් පෙරහර ආරම්භ වූ අතර එය අවසන් වූයේ ඊයේ රාත්‍රියේයි.

මේ අතර, මහනුවර ඇසල පෙරහර වෙනුවෙන් අද සිට මේ මස 18 වන දා දක්වා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සිට විශේෂ දුම්රිය 11ක් පෙරහර නරඹන බැතිමතුන් වෙනුවෙන් එක් කර ඇති බවයි.

 ඒ අනුව කොළඹ කොටුවෙන්, මහනුවරින්, නාවලපිටියෙන් සහ මාතලේ යන දුම්රිය ස්ථානවලින් මෙම සේවාව ක්‍රියාත්මක කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories