අග්‍රාමාත්‍යවරයා චීනයට ළඟා වෙයි

Saturday, 13 August 2016 - 7:59

%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%85%E0%B6%9F%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
චීනයේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද උදෑසන එරටට ළඟා වුණා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 880 දරණ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා චීනයේ ගුවැන්ෂෝ බලා නික්මුණේ 17 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද සමඟයි.

චීනයේ වේලාවෙන් අද පස්වරු 4 ට පමණ චීනයේ ව්‍යාපාරිකයන් පිරිසක් ද හමුවීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

ලබන 17 වනදා දක්වා නිරිත දිග චීනයේ සංචාරයක නිරත වන අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස එහිදී කර්මාන්තපුර, බහාලූම් පර්යන්ත, තාක්ෂණික උද්‍යාන, මූල්‍ය මධ්‍යස්ථාන, නිර්මාණාත්මක නිෂ්පාදන ආයතන ආදී ආර්ථික සංවර්ධනට පාදක වන කේන්ද්‍රීය ස්ථාන ගණනාවක් නිරීක්ෂණය කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories