ඇෆ්ගනිස්ථානයේ අයි.එස්. නායකයා ඩ්‍රෝන් ප්‍රහාරයකින් මරුට

Saturday, 13 August 2016 - 8:07

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඇෆ්ගනිස්ථානයේ සහ පාකිස්තානයේ ඉස්ලාමීය රාජ්‍ය හෙවත් අයි.එස්. සංවිධාන නායකයා ලෙස සැලකෙන හෆිස් සයීඞ් ඛාන්, සිය ඩ්‍රෝන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ බව ඇමරිකාව පවසනවා.

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ නන්ගහාර් ප්‍රාන්තයේ දී පසුගිය මාසයේ මෙම ප්‍රහාරය එල්ල කළ බවත්, ඔහු මිය ගිය බව දැන් අනාවරණ වී ඇති බවත්, එක්සත් ජනපදය නිවේදනය කළා.

ජුලි 26 වන දා නන්ගහාර් හි අචින් ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල කළේ කාබුල් නුවර ෂියා මුස්ලිම් රැළියකට අයි.එස්. ප්‍රහාරයක් එල්ල වී දින 3කට පසුව බවත් ඇමරිකානු පෙන්ටගනයේ ප්‍රකාශකයෙකු කියා සිටියා.

අයි.එස්. ප්‍රහාරයෙන් ෂියා මුස්ලිම්වරුන් 80 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 230 දෙනෙකු පමණ තුවාල ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories