රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාර පහර දුන්නැයි තරුණයෙකු රෝහලේ

Saturday, 13 August 2016 - 12:34

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර පහරදුන් බවට පවසමින් තරුණයෙකු හලාවත රෝහලට ඇතුළත් වී තිබෙනවා.

පුත්තලම, පල්ලම, පොත්තුකුලම් ප්‍රදේශයේදී තමාට මෙම පහරදීම සිදුවූ බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ඊයේ රාත්‍රියේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමෙන් පසුව නිවෙස බලා යන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා තමන්ට පහර දුන් බවයි පහරකෑමට ලක්වූ බව කියන තුසිත මධුශාන් කියා සිටියේ.

පසුව තමා රාජ්‍ය අමාත්‍යවරයාගේ වාහනයේම රැගෙන පල්ලම පොලීසියට භාර දුන් බව 22 හැවිරිදි තරුණයා ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් පල්ලම පොලීසියෙන් විමසීමක් කළ අතර එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සදහන් කළේ අමාත්‍යවරයා විසින් මෙම තරුණයා රැගෙන විත් පොලීසියට භාර දුන් බවයි.

පසුව ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගත් බව ද පොලීසිය සදහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ තමන් මෙම තරුණයාට පහර නොදුන් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පල්ලම පොලීසිය හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories