I.S සිරියාවේ සිවිල් වැසියන් 2000ක් පැහැර ගනී

Saturday, 13 August 2016 - 12:52

I.S+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+2000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
උතුරුදිග සිරියාවේ මාන්බිජ් ප්‍රදේශයෙන් පළා යන I.S සන්නද්ධ කණ්ඩායම් එහි සිවිල් වැසියන් 2000ක් පමණ පැහැර ගෙන ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී මෙම පැහැර ගැනීම් සිදුවී ඇත්තේ කුර්දි සහ සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායේ සන්නද්ධ පිරිස් මෙම ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීමත් සමඟයි.

තමන්ට එල්ල වන ප්‍රහාරවලට එරෙහිව මිනිස් පලිහක් ලෙස යොදා ගැනීම සඳහා ඔවුන් සිවිල් වැසියන් පැහැර ගන්නට ඇතැයි සැලකෙනවා.

මේ අතර, රුසියානු සහ සිරියානු ජෙට් යානා සිරියාවේ දෙවන විශාලතම නගරය වන කැරළිකරුවන්ගේ බලකොටුවක් වූ ඇලෙප්පෝ වෙත ඊයේ නැවතත් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එහිදී අවම වශයෙන් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි සිරියානු විපක්ෂය සඳහන් කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories