මුහුදු ප්‍රදේශවල පස්වරුවේ තද සුළං

Saturday, 13 August 2016 - 12:59

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82
දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 60ත්, 70ත් අතර තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල තද සුළං ඇති විය හැකියි.

 එමෙන්ම දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළං වේගය ඉහළ යා හැකි අතර, මුහුද රළු විය හැකි බැවින් විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාව වෙතින් ඉල්ලීමක් කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories