ඩී.වී.උපුල්ගේ අක්ෂි සායනයක් අතරමඟ නවතී

Saturday, 13 August 2016 - 18:14

%E0%B6%A9%E0%B7%93.%E0%B7%80%E0%B7%93.%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය පළාත් සභා මන්ත්‍රී ඩී.වී. උපුල්ගේ මෙහෙයවීම යටතේ හම්බන්තොට සූරියවැව ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේදී සංවිධාන කර තිබූ ඇස් කණ්නාඩි බෙදාදීමේ සායනයක් අතරතුර අද (13) උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ඒ, සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුසන්ත කාරියවසම් අදාළ වැඩසටහනේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලූවක් ඇති බවට ප්‍රකාශ කිරීමත් සමගයි.

අද පෙරවරුවේ මෙම සායනයට ප්‍රදේශවාසීන් රැසක් සහභාගිවී සිටි එම වැඩසටහනට දකුණු පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඇස් පරීක්ෂා කිරීමේ නිලධාරීන් දෙදෙනෙකු පැමිණ සිටියා.

එම ස්ථානයට පැමිණි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුසන්ත කාරියවසම් අදාළ නිලධාරින්ගේ දෙදෙනාගේ සුදුසුකම් මොනවාදැයි විමසා සිටියා.

පසුව එම ස්ථානයට පැමිණ සිටි නිලධාරීන් දෙදෙනා සූරියවැව පොලිස් ස්ථානයට කැඳවාගෙන ගිය අතර, අනතුරුව හිටපු අමාත්‍යවරයා සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ෂා ප්‍රවෘත්ති අංශය සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුසන්ත කාරියවසම්ගෙන්ද විමසීමක් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories