ජනපති ඇමරිකාවට

Sunday, 14 August 2016 - 12:04

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ලබන මස නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල රැස්වීම ඇමතීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමරිකාව බලා යාමට නියමිතයි.

ජනාධිපතිවරයා සමුළුව ඇමතීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 21 වනදායි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව මෙවර තුන් ආකාරයකින් වැදගත් වනවා.

මහා මන්ඩල රැස්වීමට සමගාමීව ඇමරිකාව සහ ජගත් සංවිධානය එක්ව සංවිධාන කරන සරණාගතයන් සහ සංක්‍රමණිකයන් පිළිබද සමුළුව නිව්යෝක් නුවරදී සැප්තැම්බර් 19 වනදා සහ 20 වනදා පැවැත්වෙනවා.

එම සමුළුව ජනාධිපති බැරැක් ඔබාමා විසින් මෙහෙයවනු ලබන අතර, ඔහු මෙවර ජගත් සංවිධාන මහා මණ්ඩලය අමතනු ලබන්නේ අවසන් වතාවටයි.

වසර 10 ක් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ බෑන්කී මූන් ද මෙවර මහා මණ්ඩල සමුළුවේදී සිය සමුගැනීමේ දේශනය පවත්වනු ඇති.

දකුණු කොරියාවේ හිටපු විදේශ ඇමතිවරයෙකු වූ බෑන්කී මූන් ලබන වසරේ ජනවාරි මාසයේ නැවත සියරට බලා ගිය පසු එරට ජනාධිපති ධුරය සදහා තරග කිරීමට සැලසුම් කර ඇති බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories