ඉන්දීය වාණිජ කටයුතු ඇමතිනිය මේ මස අගදී ශ්‍රී ලංකාවට

Sunday, 14 August 2016 - 12:19

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%AB%E0%B7%92%E0%B6%A2+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%83+%E0%B6%85%E0%B6%9C%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ඉන්දීය වාණිජ කටයුතු ඇමතිනි නිර්මලා සීතාරාමන් මේ මස අගදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව  ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කළා.

ඇය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ජාත්‍යන්තර වෙළද කටයුතු පිළිබද අමාත්‍ය මලික් සමරවික්‍රමගේ ආරාධනයෙන් බවයි පුවත්පත සදහන් කළේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් තැබීමට නියමිත ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දීය පාර්ශවයෙන් කටයුතු කරන්නේ එරට වාණිජ කටයුතු අමාත්‍යාංශයයි.

එට්කා ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දු - ශ්‍රී ලංකා ඉහළ පෙලේ සාකච්ඡාවල ප්‍රථම වරට පසුගිය අගහරුවාදා සහ බදාදා කොළඹදී පැවැත්වුණා.

එම සාකච්ඡාවේදී ඉන්දීය පාර්ශවය වෙනුවෙන් එරට වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් භූපින්දේ සිං භල්ලා ඇතුළු නියෝජිතයින් පිරිසක් එක්වුණා.

එට්කා ගිවිසුමට අදාළ පූර්ව පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

කෙසේ නමුත්, ගිවිසුම සම්බන්ධයෙන් දෙපාර්ශවය විවෘත සංවාදයක නිරත වූ බවයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත කියා සිටියේ්.

එමෙන්ම, ගිවිසුමට පෙර එවැනි සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීමට නියමිත බවත්, නිලධාරින් උපුටා දක්වමින් පුවත්පත වැඩිදුරටත් සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories