ස්ථාවරයෙහි වෙනසක් නැහැ - දෙමළ සන්ධානය කියයි.

Monday, 15 August 2016 - 7:46

%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් වව්නියාව ප්‍රදේශයේ හෝටලයකදී ඊයේ පැවැත්වුණා.

ඊට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් සභා නියෝජිතයන් ඇතුළු ක්‍රියාකාරීන් එක්ව සිටි බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව එම සාකච්ඡාව සම්බන්ධයෙන් දෙමළ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා.

 ‘‘අපේ මධ්‍යම කාරක සභාව රැස්වුණා.
අපි වැදගත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවා.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන ක්‍රමය ගැනත්, ඒ වගේම අපේ ජනතා නිතරම මුහුණදෙන අවශ්‍ය කටයුතු සම්බන්ධයෙනුත් අපි සාකච්ඡා කරා.
අපේ ස්ථාවරය, දේශපාලන විසඳීම සඳහා අපේ ස්ථාවරයේ වෙනස්වීමක් මොනවත් වෙලා නෑ කියලා අපි තීරණයක් ගත්තා.
අපි දැන් පක්ෂය ගන්නා ක්‍රියාමාර්ගය ගැන සතුටයි කියලා, මධ්‍යම කාරක සභාව තීරණයක් අරන් තියෙනවා.’’


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories