ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය නුදුරේදීම එළිදක්වනවා - අගමැති

Monday, 15 August 2016 - 18:11

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය සහ විදේශ ආයෝජකයින් සදහා ලබාදෙන දිරිගැන්වීම් නුදුරේදීම එලිදක්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

චීනයේ චොං ජිං විදේශ වෙළඳ සහ ආර්ථික සහයෝගිතා සමාගම සමග පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

චීනයේ ප්‍රධාන පෙළේ බහුජාතික සමාගම් 100 අතරට ගැනෙන චොං ජිං මහා නගර ආණ්ඩුව යටතේ පාලනය වන චොං ජිං විදේශ වෙළඳ සහ ආර්ථික සහයෝගිතා සමාගම සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු දූත පිරිස ඊයේ පස්වරුවේ සාකච්ඡාවක නිරත වුණා.

එහිදී අදහස් දැක්වූ එම සමාගමේ සභාපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා රජයේ ආර්ථික ප්‍රතිපත්තිය එලි දැක්වීමත් සමග මෙරට ආයෝජනය කිරීමට සුදානම්ව සිටින චොං ජිං මහා නගර ව්‍යවසායකයන් දිරිමත් කිරිමට කටයුතු කරන බවයි.

දැනටමත් හම්බන්තොට කර්මාන්ත කලාපයේ ඉදිකිරිමේ කර්යභාරය ඉටු කිරීමට තම සමාගම කැමැත්තෙන් සිටින බවත් ඒ ආශ්‍රිතව ටින් මාලු, මැණික් හා ස්වර්ණාභරණ නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කරන බවත් ඔහු සදහන් කළා.

ලෝකයේ විවිධ රටවල් සමඟ නිදහස්  වෙළඳ  ගිවිසුම් ඇති කර තැනිම මගින්  ශ්‍රි ලංකාව හරහා වඩාත් පුළුල් වෙළඳපලකට පිවිසිමට අයෝජකයන්ට අවස්ථාව ලැබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී පෙන්වා දුන්නා.

අග්‍රාමාත්‍යවරයා ඇතුලු  දූත පිරිස ඊයේ පස්වරුවේ ෂියංතෝ දත්ත සැපයුම් මධ්‍යස්ථානයේ නිරික්ෂණ චාරිනාවක ද නිරත වුණා.

එහිදී මත්තල රාජපක්ෂ අන්තර් ජාතික ගුවන් තොටුපල සංවර්ධනය කිරිම සඳහා ඇති අවකාශය සහ අභියෝගයන් සම්බන්ධයෙන් සිදු කෙරුණු දත්ත විමසීමක් ද අග්‍රාමාත්‍යවරයා ඇතුලු දූත පිරිසට ප්‍රදර්ශනය කෙරුණා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු  දූත පිරිස අද දහවල් චීනයේ ෂෙන්ජන් නගරයට පැමිණියා.

එහිදි ෂෙන්ජන් නියෝජ්‍ය නගරාධිපති ඒ.අයි.  ෂියෝෆැං විසින් අග්‍රාමාත්‍යවරයා ඇතුලු දූත පිරිස උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

ශ්‍රි ලංකා පිරිස තෙදිනක කාලයක් ෂෙන්ජන් නුවර ගත කිරිමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories