ඉදිරි දශකය මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂයයි - අගමැති

Tuesday, 16 August 2016 - 7:55

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%81%E0%B6%9A%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
 
ඉදිරි දශකය මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂය වන අතර, ඒ සඳහා ලක් රජය සියලූ පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

චීනයේ නිළ සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ෂෙන්ජන් නුවර කොමියුනිස්ට් පක්ෂ ලේකම්වරයා මුණ ගැසුණා.

එමෙන්ම ෂෙන්ජන් ව්‍යාපාරික ප්‍රජාව සමඟ ද අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

එහිදී අදහස් දක්වමිනුයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙරට ආර්ථිකය පිළිබද පුරෝකථනයක් සිදුකළේ.

අග්‍රාමාත්‍යවරයා ඇතුලු දුත පිරිස චීනයේ ෂෙන්ජන් නගරයට පැමිණියේ ඊයේ දහවල් කාලයේයි.

එහිදි ෂෙන්ජන් නියෝජ්‍ය නගරාධිපති ඒ.අයි.  ෂියෝෆැං විසින් අග්‍රාමාත්‍යවරයා ඇතුලු  දුත පිරිස උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

ශ්‍රි ලංකා පිරිස තෙදිනක කාලයක් ෂෙන්ජන් නුවර ගත කිරිමට නියමිතයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කොළඹ නගරය දකුණු ආසියාවේ මූල්‍ය කේන්ද්‍රස්ථානය ලෙස සංවර්ධනය කිරීමට පියවර ගනිමින් සිටින බවයි.

එමෙන්ම හම්බන්තොට නගරය ව්‍යාපාරික කර්මාන්තපුරයක් ලෙස සංවර්ධනය කෙරෙන අතර එහි ආයෝජකයන්ට හිතකර තත්ත්වයක් ගොඩ නැගීමට දැනටමත් පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories