උදෑසන කාලයේ වෛරස ආසාදනයවීම අනතුරුදායකයි, ප්‍රවේසම්වන්න

Tuesday, 16 August 2016 - 10:59

%E0%B6%8B%E0%B6%AF%E0%B7%91%E0%B7%83%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
රෝග කාරක වෛරස උදෑසන කාලය තුළ ආසාදනය වීමෙන් වැඩි හානියක් සිදුවිය හැකි බව බ්‍රිතාන්‍ය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාඥයන් පිරිසක් අනාවරණ කරගෙන තිබෙනවා.

එය ඇතැම් විට දවසේ අනෙක් කාලවලට වඩා දස ගුණයක හානිකර විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

බොඩි ක්ලොක් හෙවත් ශරීරයේ කාලහෝරා යාන්ත්‍රණය උදෑසන වෙනසකට ලක්වීම ඊට හේතුවයි.

විශේෂයෙන් රාත්‍රී සේවා මුරවල නිරත වන සේවකයන් මෙම තත්ත්වයට ගොදුරු විය හැකි බව පරීක්ෂණ කණ්ඩායමේ මහාචාර්ය අකිලේෂ් රෙඩ්ඩි ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories