රිය අනතුරුවලින් 9 දෙනෙකු මරුට

Tuesday, 16 August 2016 - 12:45

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ගත වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් එක් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. මන්නාරම, මාතර, නිට්ටඹුව, මහනුවර, අකුරැස්ස, කින්නියා සහ පාදුක්ක යන ප්‍රදේශවලින් මෙම අනතුරු වාර්තා වුණා.

මන්නාරම - ඉලූප්පකඩවායි ප්‍රදේශයේදී උදෑසන සිදුවූ අනතුරකින් එක් පොලිස් නිලධාරියෙකු මිය ගොස් තවත් පොලිස් නිලධාරියෙකු බරපතල තුවාල ලබා ඇති බවයි පොලීසිය සදහන් කළේ.

කුඩා ලොරි රථයක් පරීක්ෂා කරමින් සිටි මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා ඊට පිටුපසින් පැමිණි තවත් මෝටර් රථයක ගැටී තිබෙනවා.

අනතුරෙන් ලොරි රථයේ රියදුරු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරට සම්බන්ධ මෝටර් රථය මඩු දේවස්ථානයට ගොස් නැවත ආපසු පැමිණෙමින් තිබී ඇති අතර, එය පැදවූ පූජකවරයා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ ඉලූප්පකඩවායි පොලීසියට අනුයුක්තව සේවය කළ මාතර - බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පොලිස් නිලධාරියෙක්.

මේ අතර, ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ පඹුරන හන්දිය අසළ දී ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියක ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

යතුරුපැදිය ඉදිරියෙන් ගමන් ගත් වෑන් රථයක් පසුකර යාමේදී පෙරළී ගොස් ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් මිය ගියේ වයස අවුරුදු 21ක් සහ 22 හැවිරිදි වියේ පසුවන මාතර - කඹුරන ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories