ගම්මන්පිළ කෙසෙල්වත්ත පොලීසියට

Tuesday, 16 August 2016 - 13:00

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ අද පෙරවරුවේ කෙසෙල්වත්ත පොලිස් ස්ථානයට පැමිණියා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තරුණයෙකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළව සිදුකළ ප්‍රකාශයක් ගැන කරුණු දැක්වීම සඳහායි.

තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරිය වහා නිදහස් කිරීමට පියවර ගැනීම පිළිබදවයි මන්ත්‍රීවරයා ප්‍රකාශයක් සිදුකර තිබුණේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගත් දිනයට ආසන්න දිනයක උදය ගම්මන්පිළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය හේතුවෙන් අධිකරණයට අපහාසයක් වන බව පවසමින් නීතිඥවරයෙකු මගින් මෙම පැමිණිල්ල කර තිබූ බව පොලීසිය සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories