සජින් වාස්ට අල්ලස් කොමිසමෙන් තවත් නඩුවක්

Tuesday, 16 August 2016 - 16:57

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට  එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව අද තවත් නඩුවක් පවරනු ලැබුවා.

ඒ, ඔහු මිහින්ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සමයේ එම සමාගමට රුපියල් මිලියන 883 ක් පාඩු කිරීමේ චෝදනාවටයි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ එය ගොනුකර ඇති අතර, ඊට අදාළව ලබන මස 20 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට අධිකරණය අද නොතීසි නිකුත් කළා.

මේ අතර වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ චෝදනාව මතද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories