නිධන් හෑරූ 10 දෙනෙකු අත්අඩංගුවට

Wednesday, 17 August 2016 - 10:57

%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A++%E0%B7%84%E0%B7%91%E0%B6%BB%E0%B7%96+10+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හුංගම - කට්ටකඩුව සහ කුච්චවේලි ප්‍රදේශවල අනවසරයෙන් කැණීම් කරමින් සිටි පුද්ගලයන් 10 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හුංගම, කට්ටකඩුව, යාය 19 ප්‍රදේශයේ පාළු ස්ථානයක අනවසරයෙන් නිදන් හාරමින් සිටින බවට ලද තොරතුරකට අනුව පොලිසිය එහි ගොස් තිබුණා.

එහිදී කැණීම් කරමින් සිටි පුද්ගලයන් 7 දෙනෙකු පොලිස් භාරයට ගනු ලැබුවේ ඒ සදහා යොදා ගනු ලැබූ උපකරණ ද සමගයි.

සැකකරුවන් අගුණකොලපැලැස්ස සහ අම්බලන්තොට ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඉතිරි සැකකරුවන් තුන්දෙනා කුච්චවේලි පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ කුච්චවේලි - වඩලිකුලම් - කල්ලම්පත්තුව මාර්ගයේ 6 කණුව අසල රක්ෂිතයේ නිධන් හාරමින් සිටියදීයි.

එම සැකකරුවන් කුච්චවේලි ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories