අගමැති රනිල් චයිනා මර්චන්ට් සමාගමේ නියෝජිතයින් පිරිසක් හමුවෙයි

Wednesday, 17 August 2016 - 13:04

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A0%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මහනගර සහ වරාය ඉදිකිරීම් සම්බන්ධයෙන් තමන් සතු අත්දැකීම් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට සූදානම් බව චයිනා මර්චන්ට් සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

එහි සභාපති ලී ජියැං හොං මේ බව සදහන් කළේ චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මෙරට දූත පිරිස ඊයේ (16) මුණ ගැසුණු අවස්ථාවේදීයි.

ලෝකයේ රටවල් 75 ක කාර්යාල පවත්වාගෙන යන චයිනා මර්චන්ට් සමාගම, ශ්‍රී ලංකාවේ කොළඹ සහ හම්බන්තොට වරාය සංවර්ධන කාර්යයන් සම්බන්ධව උනන්දුවෙන් සිටින බව එහි සභාපතිවරයා මෙහිදී සදහන් කළා.

කොළඹ වරාය සංවර්ධන කටයුතුවලදී මෙන්ම හම්බන්තොට වරාය ආශ්‍රිත සංවර්ධන කාර්යයන් සදහාද තමන් සතු දැනුම ලබාදීමට පියවර ගන්නා බව ඔහු කියා සිටියා.

ඊයේ පස්වරුවේ චයිනා මර්චන්ට් සමාගමේ පැවති මෙම සාකච්ඡාවට පෙර අග්‍රාමාත්‍යවරයා ඇතුළු මෙරට දූත පිරිස චයිනා මර්චන්ට් සමාගමේ සේවා සැපයුම් ආයතනයක් සහ එම සමාගම නිර්මාණය කරමින් සිටින ජින් හයි නිදහස් වෙළද කලාපීය සැලසුම් මධ්‍යස්ථානය ද නිරීක්ෂණයට ලක් කර තිබෙනවා.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මෙරට දූත පිරිස සිය චීන සංචාරය නිම කරමින් අද යළි දිවයිනට පැමිණීමට නියමිතයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories