බදු ආදායමත් බිලියන 100 කින් ඉහළට

Wednesday, 17 August 2016 - 18:15

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+100+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
වසරේ මුල් මාස හය තුළ පමණක් රජයේ බදු ආදායම රුපියල් බිලියන 100 කින් ඉහළ ගොස් ඇති බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වුණා.

කෙසේ වෙතත් එහිදී සම කැබිනට් ප්‍රකාශකවරුන් වන ගයන්ත කරුණාතිලක සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් බදු ආදායම් සම්බන්ධයෙන් පරස්පර තොරතුරු  හෙළි කළ අතර, එහිදී මාධ්‍යවේදීන් ඒ පිළිබඳව ප්‍රශ්න කරනු දක්නට ලැබුණා.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ යහපාලනයේ වෙනස ජනතාවට මේ වනවිට දැනී ඇති බවයි.

 එහිදී යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් අතර පසුගියදා ඇතිවූ ගැටුම සම්බන්ධයෙන්ද ඔහුගෙන් මාධ්‍යවේදීන් කරුණු විමසා සිටියා.

එවැනි සිද්ධීන් ඉතිහාසයේත් සිදුවූ බව සඳහන් කළ ඔහු ඒවා ජාතික සමඟියට ගැටළුවක් නොවන බව ප්‍රකාශ කළා.

අත්අඩංගුවට ගැනුනු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට බන්ධනාගාරයෙන් විශේෂ වරප්‍රසාද ලබාදී ඇත්ද යන්න පිළිබඳව ද මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.

ඔහු එහිදී කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ පුතු නිසා ඇතැම් අවස්ථා ඔහුට හිමිවිය හැකි බවයි



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories