ලක්ෂ 70 ක හෙරොයින් අල්ලයි

Thursday, 18 August 2016 - 7:41

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+70+%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
රුපියල් ලක්ෂ 70 ක වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ පාකිස්ථාන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය  මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී 10.47 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 184 දරණ යානයෙන් කරච්චි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදියි මෙම 40 හැවිරිදි පාකිස්ථාන ජාතිකයා හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොහු රැගෙන ආ ගමන් මල්ලේ සූක්ෂම ලෙස මෙම හෙරොයින් සඟවාගෙන විත් තිබෙනවා.

පාකිස්ථාන ජාතිකයා සමඟ ග්‍රෑම් 700 ක හෙරොයින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන ඇති අතර, සැකකරු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පළමු වතාවට බවට පරීක්ෂණවලදී අනාවරණ වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories