සැකකරුවන් අත්අඩංගුවට යාමේදී පොලිස් නිලධාරියෙකුට වෙඩි

Thursday, 18 August 2016 - 11:21

%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92
ගාල්ල - පෝද්දල - මුලන ප්‍රදේශයේදී අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් නිලධාරියෙකුට වෙඩි වැදී තිබෙනවා.

මෙලෙස වෙඩි වැදී ඇත්තේ් පෝද්දල පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙක්.

මෙම සැකකරුවන් දෙදෙනා පෝද්දල - මුලන ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරකට අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ පෝද්දල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා සහ මොවුන් දෙදෙනා අතර පොර බැදීමක් සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.  

පසුව පොලිස් නිලධාරියාගේ ගිනි අවිය ස්වයංක්‍රියව ක්‍රියාත්මක වීමෙන් ඔහුගේ පාදයට වෙඩි වැදී තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර පසුව ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories