බදුල්ලේ රක්ෂිත හතරක් ගිනි ගනී

Thursday, 18 August 2016 - 11:24

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන හතරක ගිනි ගැනීම් වාර්තාවනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ බණ්ඩාරවෙල - කිතුල්ඇල්ල කන්ද, මහියංගණය - දඹානකන්ද, හල්දුම්මුල්ල - බත්ගොඩ ප්‍රදේශය සහ හපුතලේ - ඉදල්ගස්හින්න පහළ කොටස යන රක්ෂිතවල මෙම ගිනි හටගෙන ඇති බවයි.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ සිට ආරම්භ වී ඇති  මෙම ගිනි ගැනීම් මේ වනවිට මැඩපැවත්වීමට කටයුතු කර තිබෙනවා.

ඒ සඳහා යුද හමුදාවේ සහයද ලබාගෙන ඇති බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ.

වන සතුන් දඩයම් කිරීම සඳහා ගිනි තැබීම් සිදුකර ඇති බවටයි දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂනවලින් අනාවරණ වී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories