ඇසල මංගල්‍යය සාර්ථකව නිමවෙයි

Thursday, 18 August 2016 - 18:05

%E0%B6%87%E0%B7%83%E0%B6%BD+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල අද (18) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සම්ප්‍රදානුකූලව දැනුම් දුන්නා.

ඒ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ උත්සවයකදීයි.

අවසන් රන්දෝලි පෙරහර ඊයේ වීථි සංචාරය කිරීමෙන් පසු පෙරහර කරඩුව සිරිත් පරිදි ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කිරීමෙන් අනතුරුව අද අලුයම ගැටඹේ මහවැලි ගංතොටේදී දියකැපීමේ මංගල්‍යය සිදුකෙරුණා.

ඉන් අනතුරුව, පස්වරු 1.25 ට යෙදුණු සුබ මොහොතින් පිටත් වූ දහවල් පෙරහර දළදා මාලිගාවට ගෙවැදීමෙන් මෙවර දළදා පෙරහර මංගල්‍යය නිමාවට පත් වුණා.

දියකැපීමේ මංගළ්‍යය අවසාන වනවාත් සමගම ප්‍රදේශයට වර්ෂාව ඇද හැලීම ද විශේෂත්වයක්. අනතුරුව, දියවඩන නිලමේවරයා සතර මහා දේවාලයේ බස්නායක නිළමේවරුන් සමග මහනුවර ජනාධිපති මන්දිරය වෙත පැමිණියේ පෙරහර මංගල්‍යය සාර්ථක නිම කළ බව රාජ්‍ය නායකයාට දැනුම් දීමටයි.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පොළොන්නරුව බුද්ධි මන්ඩපයේ පැවති උතුර, උතුරුමැද, නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක පදවියට පත් පූජ්‍ය උඩුගම ශ්‍රී ධම්මානන්ද හිමියන් වෙත සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට ද සහභාගි වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories