ඉන්දියාවේ සුප්‍රකට කොටි දෙන මච්ලි මියයයි (ඡායාරූප)

Friday, 19 August 2016 - 9:51

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B6%A0%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඉන්දියාවේ - රාජස්ථාන් ප්‍රාන්තයේ - රන්තම්බෝර් ජාතික වනෝද්‍යානයේ වෙසෙන ප්‍රකට කොටි රැජින මච්ලි වයස අවුරුදු 19 ක්ව සිටියදී ඊයේ මියගොස් තිබෙනවා.

ලොව වැඩි වශයෙන්ම ඡායාරූප ගත කෙරුණු කොටි දෙන ලෙස හැදින්වෙන ඇය වරෙක අඩි 14 ක් දිග කිඹුලෙකු සමග සටන් වදින අයුරු වීඩියෝ ගත කර තිබුණා.

රන්තම්බෝර් ජාතික වනෝද්‍යානයට පැමිණෙන දහස් ගණන් සංචාරකයන්ගේ ආකර්ෂනයට ලක් වූ මච්ලිගේ මුහුණේ වම් පස පිහිටි මත්ස්‍ය ලකුණ ඇය හදුනා ගැනීමේ සලකුණක්.

වනෝද්‍යාන සීමාවේ දින ගණනක් නිරාහාරව වැතිරී සිටි මච්ලිට ප්‍රතිකාර කළ ද ඇය, ඇගේ වයස හේතුවෙන් ස්වභාවික මරණයකට ගොදුරු වී ඇති බව රන්තම්බෝර් කොටි ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ යෝගේෂ් කුමාර් සාහු ප්‍රකාශ කළා.

නවතම සංගණනයන්ට අනුව ලොව වෙසෙන 2226 ක් පමණ වන කොටි ගහනයෙන් අඩක්ම වෙසෙන්නේ ඉන්දියාවේයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories