ලූණු සහ මේදය වැඩි ආහාරත් සලකුණු කෙරේ

Friday, 19 August 2016 - 12:14

%E0%B6%BD%E0%B7%96%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ඉදිරි මාස 3 ඇතුළත ලූණු සහ මේදය වැඩිපුර අඩංගු ආහාර ද්‍රව්‍ය සලකුණු කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අද (19) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.   

සීනි සාන්ද්‍රණය අධික සිසිල් බීම සඳහා රතු වර්ණයත්, මධ්‍යම ප්‍රමාණයේ සීනි ඇතුළත් සිසිල් බීම සඳහා කහ වර්ණයත්, අඩු සීනි සාන්ද්‍රණයක් සහිත සිසිල් බීම සඳහා කොළ වර්ණයත් යොදන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා ගැසට් නිවේදනයක් මගින් දැනුම් දී තිබුණේ.

ඒ අනුව අගෝස්තු පළමුවැනිදා සිට සියලූ පැණි බීම වර්ගවල අඩංගු සීනි සංයුතිය දැක්වෙන වර්ණ සංකේත ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කෙරුණා.

මෙලෙස වර්ණ සංකේතවත් කිරීම මගින් මහජනතාවට බීමවල සීනි මට්ටම නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව තමන්ට අවශ්‍ය කරන සුදුසු බීම වර්ගය තෝරා ගැනීම සිදුකළ හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories