ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් තුන්ලක්ෂ 50,000 ක්

Friday, 19 August 2016 - 13:01

%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+50%2C000+%E0%B6%9A%E0%B7%8A
ලබන 21 වනදා පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා අයදුම්කරුවන් තුන්ලක්ෂ 50,701 ක් පෙනී සිටින අතර, ඉන් 421 ක් විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

විභාගය මධ්‍යස්ථාන 2959 කදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

විභාග පරිපාලන කටයුතු සදහා දිවයින පුරා 28,000 ක පමණ කාර්ය මණ්ඩලයක් යොදවා ඇති බවත්, විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක සදහන්.

පෙරවරු 9.30ට විභාගය ආරම්භ වන අතර, පළමු ප්‍රශ්න පත්‍රය විනාඩි 45 කට සීමා වනවා.

පැය 1 යි විනාඩි 15 ක කාලයක් පැවැත්වෙන දෙවන ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ පෙරවරු 10.45 ටයි.

5 වසර ශිෂ්‍යත්ව විභාගය සදහා කල් වේලාව ඇතිව දරුවන් පාසල් වෙත රැගෙන එන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories