ළඟදීම විවෘත වන ලොව ඉහළින්ම තැනූ දිගම වීදුරු පාලම මෙන්න

Friday, 19 August 2016 - 14:12

%E0%B7%85%E0%B6%9F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%96+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%93%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
මධ්‍යම චීනයේ හුනෑන් ප්‍රාන්තයේ කදු ශිඛර දෙකක් යා කරමින් තැනූ ලොව ඉහළින්ම පිහිටි දිගම වීදුරු පාලම විවෘත කිරීමට චීන බලධාරින් දැන් සූදානම්.

අවතාර් නමැති හොලිවුඩ් චිත්‍රපටය රූගත කළ බැවින් අවතාර් ලෙස අන්වර්ථ නාමයෙන් හදුන්වන කදු දෙකක් යා කරමින් තනා ඇති එම පාලමේ දිග මීටර් 430 ක්.

පොළොව මට්ටමේ සිට මීටර් 300 ක් ඉහළින් එය තනා ඇත්තේ තට්ටු 3 කින් යුත් විනිවිද පෙනෙන වීදුරු පැනල උපයෝගි කරගෙනයි.

ඒ සදහා වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන තුනහමාරකට ආසන්නයි.

ඊශ්‍රායල ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් නිර්මාණය කර ඇති මෙම වීදුරු පාලම එහි නිර්මාණ ශිල්පය සහ ඉදිකිරීම් හේතුවෙන් දැනටමත් ලෝක වාර්තා අතරට ඇතුළත් වී අවසන්.




මීට පෙර අදාළ පාලමේ ශක්තිමත් බව නැරඹීමට පැමිණි පිරිසට පෙන්වීමට සිදුකළ සුවිශේෂ ක්‍රියාකාරකමක් පහතින්



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories