පිළියන්දල සහ මහරගම රිය අනතුරුවලින් පුද්ගලයන් දෙදෙනෙකු මරුට

Sunday, 21 August 2016 - 14:03

%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පිලියන්දල - හල්පිට ප්‍රදේශයේදී අද අලුයම සිදු වු අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් තුන්දෙනෙකු කඵබෝවිල රෝහලට ඇතුලත් කෙරුණා.

මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී අනතුර සිදුවූ අතර, මියගිය සහ තුවාල ලැබූවන් ත්‍රිරෝද රථයේ ගමන් කළ පුද්ගලයන් බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු බීමතින් සිට ඇති අතර, අනතුරින් ත්‍රිරෝද රථයට බරපතල හානි සිදුව ඇති බව හිරු වාර්තාකරු සඳහන් කළා.

මේ අතර, අද උදෑසන මහරගම - පමුණුව බස් නැවතුම්පල අසලදි බස් රථයක ගැටීමෙන් 60 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා.

ඇය මහරගම - පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සිය සැමියා බැලීමට යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය කියා සිටියේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories