ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල ඔක්තෝම්බර් 15ට පෙර - විල්ගමුවේදී දෙමව්පියන් පිරිසක් පොල් ගසයි (ඡායාරූප)

Sunday, 21 August 2016 - 18:05

%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+15%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+-+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අද පැවැති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝම්බර් මස 15 වන දාට පෙර ලබාදීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 3,50,701 ක් මධ්‍යස්ථාන 2959 කදී පෙනී සිටියා.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර සදහන් කළේ අද මධ්‍යම රාත්‍රිය වන විට කොළඹ පිහිටි විභාග දෙපාර්තමේන්තුවට සියලු උත්තර පත්‍ර ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර, මාතලේ - විල්ගමුව නුගගොල්ල පාසලේ අද පැවැති ශිෂ්‍යත්ව විභාගයේදී පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සඳහා ලබාදුන් කාලය සම්බන්ධයෙන් ගැටළුවක් මතු වූ බවට දෙමව්පියන් චෝදනා කරනවා.

අප වාර්තාකරු සදහන් කළේ ඒ පිළිබදව උරණ වූ දෙමව්පියන් පාසලේ ගෙට්ටුව අසළට පැමිණ ශාලාධිපතිවරයාට සහ විභාගයට එක්ව සිටි ගුරුවරුන් වෙත විරෝධතාවය පළ කළ බවයි.

ඔවුන්ට පාසලින් පිටතට යාමට නොදී දෙමව්පියන් ගේට්ටුව අවහිර කරමින් රැදී සිට ඇති බව සදහන්.

එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍ර රැගෙන ශාලාධිපති ඇතුළු පිරිස ගමන් ගත් වෑන් රථයට සිසුන්ගේ දෙමව්පියන් පොල් ගසා විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.

එමෙන්ම නියමිත විභාග මධ්‍යස්ථානය පිළිබදව විදුහල්පතිවරයා නිසි පරිදි දැනුවත් නොකිරීම හේතුවෙන් මරදන්කඩවල - පෙරියකුලම් මහ විද්‍යාලයේ සිසුන් පිරිසක් අපහසුතාවට පත්වීමේ පුවතක් ද වාර්තා වුණා.





ඡායාරූප - රන්ජිත් කරුණාවීර




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories