වැල්ලවායේ ගුරුවරියක් දරුවන් දෙදෙනෙකුට ශිෂ්‍යත්වය තහනම් කරයි

Monday, 22 August 2016 - 7:18

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශිෂ්‍යත්ව විභාගය පැවති ඊයේ (21) දිනයේ මාතලේ, විල්ගමුව, නුගගොල්ල මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ සිදුවූ බව කියන ගැටළුවක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

නුගගොල්ල මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටි සිසුන්ට පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සඳහා ලබාදුන් කාලය සම්බන්ධයෙන් ගැටළුවක් මතු වූ බවට දෙමව්පියන් ඊයේ චෝදනා කළා.

මෙම සිද්ධියෙන් උරණ වූ දෙමව්පියන් පාසලේ ගේට්ටුව අසළට පැමිණ ශාලාධිපතිවරයාට සහ විභාගයට එක්ව සිටි ගුරුවරුන් වෙත විරෝධතාවය පළ කරමින් ඔවුන්ට පාසලින් පිටතට යාමට නොදී ගේට්ටුව අවහිර කරමින් රැදී සිටියා.

එමෙන්ම, විභාග කටයුතු අවසන් කර ශාලාධිපතිවරයා විසින් පිළිතුරු පත්‍ර රැගෙන වෑන් රථයෙන් ගමන් කරන අවස්ථාවේදී ඊට විරෝධය පළ කරමින් දෙමාපියන් එම ස්ථානයේ පොල් ගැසීමේ කටයුත්තක ද නිරත වුණා.

කෙසේ වෙතත්, විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මේ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් කැදවා ඇති බවයි.

මේ අතර, අකුරු ලිවීමට අපහසු තත්ත්වයක සිටි සිසුන් දෙදෙනෙකු පන්තිභාර ගුරුවරියගේ උපදෙස් මත ශිෂ්‍යත්ව විභාගයට පෙනී නොසිටීමේ පුවතක් වැල්ලවාය අධ්‍යාපන කලාපයට අයත් රන්දෙනිවල පාසලකින් වාර්තා වුණා.

එම සිසුන් දෙදෙනාගේ දෙමව්පියන් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ තම දරුවන්ට අකුරු ලිවීමට නොහැකි නිසා ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් නොකරන ලෙසට පන්ති භාර ගුරුවරිය දැනුම් දුන් බවයි.

මේ සම්බන්්ධයෙන් ද අප විභාග කොමසාරිස්වරයාගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සියලූම සිසුන් ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් කරන ලෙසට විදුහල්පතිවරුන් දැනුම්වත් කර ඇති බවයි.

එය අනිවාර්ය කටයුත්තක් ලෙසට සලකා විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බව ද ඔහු සදහන් කළා.

එසේ නොවන්නේ නම් එය නීතියට පටහැනි බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories