Update : ඇඹිලිපිටියේ ගැටුම ගැන සොයන්න කණ්ඩායම් 3 ක්

Monday, 22 August 2016 - 8:51

Update+%3A+%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+3+%E0%B6%9A%E0%B7%8A
ඇඹිලිපිටිය - චන්ද්‍රිකා වැව් තාවුල්ලේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා පොලිස් කණ්ඩායම් 3 ක් පත් කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ඇති වූ ගැටුමත් සමඟ සිදුවූ පිහිඇනුමකින් පුද්ගලයෙකු මියගොස් තවත් තුන්දෙනෙකු තුවාල ලැබුවා.

මොවුන් මේ වනවිට ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

පිහි ඇනුමෙන් ජීවිතක්ෂයට පත්වුණේ ඇඹිලිපිටිය - පල්ලෙබැද්ද ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.

ගැටුමට සම්බන්ධ පුද්ගලයින් හඳුනාගෙන ඇති අතර ඔවුන් මේ වනවිට ප්‍රදේශය අතහැර පලාගොස් තිබෙනවා.

ඇඹිලිපිටිය නගරයේ ඊයේ පැවැත්වූ මෝටර් රථ රැළියක් මෙම ආරවුලට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.


Update : Monday, August 22, 2016 : 1.36
.................................................................................................................


ඇඹිලිපිටිය - චන්ද්‍රිකා වැව් තාවුල්ලේදී දෙපිරිසක් අතර ඊයේ රාත්‍රියේ ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ගැටුම අතරතුර තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි.

මියගිය පුද්ගලයා පල්ලෙබැද්ද ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.

මෙම සිද්ධියට සම්බන්ධ කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories