Update : නාමල් ඇතුළු සැකකරුවන් තිදෙනාට ඇප

Monday, 22 August 2016 - 11:20

Update+%3A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 03 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ  අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් අද නියෝග කළා.

ඒ අනුව, සැකකරුවන් රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 4 ක් මත මුදා හරින ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.

මන්ත්‍රීවරයාට අමතරව මෙලෙස ඇප නියම වූයේ ඔහුට අයත් ගවර්ස් කෝපරේෂන් සහ එන්.ආර්. කන්සල්ටන් සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ සුදර්ශන ගනේගොඩ සහ නිත්‍යා සේනානි සමරනායක යන දෙදෙනාටයි.

ගවර්ස් කෝපරේෂන් ආයතනය හෙලෝ කෝප් සමාගමේ රුපියල් මිලියන 125ක කොටස් සැකකටයුතු ලෙස මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

ඇප ලබාදෙමින් විනිසුරුවරයා සෑම මසකම දෙවරක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පෙනී සිටින ලෙස සැකකරුවන්ට නියෝග කළ අතර, විදේශ ගතවීම ද තහනම් කරනු ලැබුවා.

පසුගිය 15 වන දා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරයාව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.  

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද අද අධිකරණය පරිශ්‍රය වෙත පැමිණ සිටියා.



Update : Monday, August 22, 2016 :12.36
.........................................................................................................................


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අලුත් කඩේ අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories