ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට ගංවතුර - 17 දෙනෙකු මරුට

Monday, 22 August 2016 - 13:13

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+-+17+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් පීඩාවට ලක්ව තිබෙනවා.

අවම වශයෙන් බිහාර් ප්‍රාන්තයේ ගංගා 6 ක් මෙලෙස දරුණු ලෙස පිටාර ගැලීම්වලට ලක්වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඒ හේතුවෙන් බිහාර් ප්‍රාන්තයේ අවතැන් වූ ජනතාව තාවකාලික කඳවුරු කරා යොමුකර තිබෙනවා.

එමෙන්ම, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයට ද ගංවතුරෙන් හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම කාලසීමාවේදී ඇද හැලෙන මෝසම් වැසි ඉන්දියාවට සාමාන්‍ය දෙකක් වුවත්, මෙවර විශාල වර්ෂාපතනයක් ඇද හැලී ඇති බව ද එම වාර්තා පෙන්වා දුන්නා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories