අම්බලන්ගොඩ 18 ලක්ෂයේ කොල්ලය ගැන පරීක්ෂණවලට CCTV දර්ශණ

Monday, 22 August 2016 - 18:38

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+18+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+CCTV+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%AB
අම්බලන්ගොඩ නගරයේ අද සිදුවූ රුපියල් දහඅට ලක්ෂ හටදහසේ (1860,000) මුදල් කොල්ලයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සීසිටීවී දර්ශන ඔස්සේ පරීක්ෂණ සිදුකරන බව පොලීසිය පවසනවා.

අද දහවල් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයක් පෙන්වා කාන්තාවක් සතුව තිබූ මෙම මුදල් තොගය කොල්ල කා පළා ගොස් තිබුණා.

හිඟුරක්ගොඩ තානායම පාරේ පදිංචි 59 හැවිරිදි මෙම කාන්තාව අම්බලන්ගොඩ නගරයට අද දහවල් පැමිණියේ පෞද්ගලික මූල්‍ය ආයතනයක් ලබාදුන් රුපියල් දහඅට ලක්ෂ හටදහසක (1860,000) චෙක්පතක් මුදල් බවට පරිවර්තනය කර ගැනීම සඳහායි.

බලපිටිය - ගොඩගෙදර ප්‍රදේශයේ පදිංචි සිය සහෝදරියගේ පුත්‍රයෙකුගේ ත්‍රිරෝද රථයකින් ඇය නගරයට පැමිණ තිබුණා.

පෞද්ගලික බැංකුවකට ගොස් අදාළ චෙක්පත මුදල් බවට පරිවර්තනය කර අනතුරුව ඇය එම මුදල් නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීම සඳහා එම ත්‍රිරෝද රථයෙන්ම පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී ත්‍රිරෝද රථය පැදවූ ඥාති පුත්‍රයා රාජ්‍ය බැංකුව ඉදිරිපිටින් දිවෙන ගාලූ පාරේ ඉදිරිපසින් ත්‍රිරෝද රථය නවත්වා ඇති අතර, ඉන් බැස අදාළ කාන්තාව පාර මාරු වනවාත් සමඟ අනෙක් පසින් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනා කොල්ලය සිදුකර පළා ගොස් ඇති බවයි පොලීසිය කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories