Update : දහඅට ලක්ෂයේ කොල්ලය ත්‍රිරෝද රථය පැදවූ ඥාති පුත්‍රයාගේ සැලසුමක් (ඡායාරූප)

Tuesday, 23 August 2016 - 7:16

Update+%3A+%E0%B6%AF%E0%B7%84%E0%B6%85%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%96+%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අම්බලන්ගොඩ නගරයේ දී ඊයේ සිදුවූ රුපියල් 18 ලක්ෂයේ මුදල් කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා අතර අදාළ කාන්තාව මුදල් ලබා ගැනීම සඳහා බැංකුව වෙත යමින් සිටි ත්‍රිරෝද රථය පැදවූ රියදුරා වන ඥාති පුත්‍රයා ද සිටින බව පොලීසිය ප්‍රකාශ කළා.

අනෙක් සැකකරු මෙම ඥාති පුත්‍රයාගේ මිතුරෙකු බවයි අම්බලන්ගොඩ පොලීසිය සදහන් කළේ.

ජා-ඇල ප්‍රදේශයේ පදිංචි මොහු සහ අදාළ ඥාති පුත්‍රයා අම්බලන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ රාත්‍රී කාලයේදියි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයක් පෙන්වා කාන්තාවක් සතුව තිබූ මෙම මුදල් තොගය කොල්ලකා ඊයේ දහවල් පළා ගොස් තිබුණා.

හිඟුරක්ගොඩ තානායම පාරේ පදිංචි 59 හැවිරිදි මෙම කාන්තාව අම්බලන්ගොඩ නගරයට පැමිණියේ පෞද්ගලික මූල්‍ය ආයතනයක් ලබාදුන් රුපියල් 18 ලක්ෂ 60,914ක චෙක්පතක් මුදල් බවට පරිවර්තනය කර ගැනීම සඳහායි.

ඇය ත්‍රිරෝද රථයකින් පැමිණ තිබුණේ බලපිටිය - ගොඩගෙදර ප්‍රදේශයේ පදිංචි සිය සහෝදරියගේ පුත්‍රයා සමඟයි.

පෞද්ගලික බැංකුවකට ගොස් අදාළ චෙක්පත මුදල් බවට පරිවර්තනය කර අනතුරුව ඇය එම මුදල් නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීම සඳහා එම ත්‍රිරෝද රථයෙන්ම පැමිණ තිබුණා.

එම අවස්ථාවේදී ත්‍රිරෝද රථය පැදවූ ඥාති පුත්‍රයා රාජ්‍ය බැංකුව ඉදිරිපිටින් දිවෙන ගාලූ පාරේ ඉදිරිපසින් ත්‍රිරෝද රථය නවත්වා තිබූ අතර, ඉන් බැස අදාළ කාන්තාව පාර මාරු වනවාත් සමඟ අනෙක් පසින් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් කොල්ලය සිදුකර පළා ගිය බවයි සිද්ධිය ඇසින් දුටූවන් ප්‍රකාශ කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිරෝද රථය පැදවූ අදාළ කාන්තාවගේ ඥාති පුත්‍රයාගෙන් ද පොලීසිය ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී කොල්ල වූ ආකාරය පිළිබදව ඔහු සහ අදාළ කාන්තාව පරස්පර ප්‍රකාශ සිදුකර තිබුණා.

ඒ අනුව සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර ඥාති පුත්‍රයා පොලීසිය වෙත පාපොච්චාරණයක් ද සිදුකර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ අදාළ කොල්ලය සිදුකිරීමට පෙර මෙම පුද්ගලයා ඔහුගේ මිතුරා සමඟ කොල්ලය සිදුකරන ආකාරය පිළිබදව සාකච්ඡා කර ඇති බවයි.

කොල්ලයට සම්බන්ධ සැකකරුගේ මිතුරා ජා-ඇල ප්‍රදේශයේ සිට අම්බලන්ගොඩ ප්‍රදේශයට පැමිණ තිබෙනවා. පසුව මොහු මුදල් කොල්ලකා ඉන් ලක්ෂ 5ක මුදලක් ඇල්පිටිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කර ඉතිරි මුදල් ප්‍රමාණය රැගෙන ජාඇල ප්‍රදේශයේ ඔහුගේ නිවසට පැමිණ තිබෙනවා.

අම්බලන්ගොඩ පොලීසිය ඊයේ පස්වරුවේ ජාඇල ප්‍රදේශයේ මෙම සැකකරුගේ නිවසට ගොස් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී කොල්ල කන ලද ඉතිරි මුදල් ප්‍රමාණය ද පොලීසිය සොයාගෙන තිබෙනවා. සැකකරුවන් අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 


Update : Tuesday, August 23, 2016 : 12.55
...................................................................................................................


අම්බලන්ගොඩ නගරයේ දී ඊයේ දහවල් සිදුවූ රුපියල් 18 ලක්ෂ 60,000සේ මුදල් කොල්ලය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ දහවල් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තියුණු ආයුධයක් පෙන්වා කාන්තාවක් සතුව තිබූ මෙම මුදල් තොගය කොල්ලකා පළා ගොස් තිබුණා.

හිඟුරක්ගොඩ තානායම පාරේ පදිංචි 59 හැවිරිදි මෙම කාන්තාව අම්බලන්ගොඩ නගරයට ඊයේ දහවල් පැමිණියේ පෞද්ගලික මූල්‍ය ආයතනයක් ලබාදුන් රුපියල් 18 ලක්ෂ 60,914ක චෙක්පතක් මුදල් බවට පරිවර්තනය කර ගැනීම සඳහායි.

බලපිටිය - ගොඩගෙදර ප්‍රදේශයේ පදිංචි සිය සහෝදරියගේ පුත්‍රයෙකුගේ ත්‍රිරෝද රථයකින් ඇය නගරයට පැමිණ තිබුණා.

පෞද්ගලික බැංකුවකට ගොස් අදාළ චෙක්පත මුදල් බවට පරිවර්තනය කර අනතුරුව ඇය එම මුදල් නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීම සඳහා එම ත්‍රිරෝද රථයෙන්ම පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී ත්‍රිරෝද රථය පැදවූ ඥාති පුත්‍රයා රාජ්‍ය බැංකුව ඉදිරිපිටින් දිවෙන ගාලු පාරේ ඉදිරිපසින් ත්‍රිරෝද රථය නවත්වා ඇති අතර, ඉන් බැස අදාළ කාන්තාව පාර මාරු වනවාත් සමඟ අනෙක් පසින් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනා කොල්ලය සිදුකර පළා ගොස් ඇති බවයි පොලීසිය කියා සිටියේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සීසිටීවී දර්ශන ද පරීක්ෂා කර තිබෙනවා.



ඡායාරූප - දීපාල් සිල්වා


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories