මන්නාරම - යාපනයේ මාර්ගයේ බස් රථයක් පෙරළී 18කට තුවාල - කාන්තාවක් මිය යයි

Tuesday, 23 August 2016 - 7:46

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+-+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93+18%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+-+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මන්නාරමේ සිට යාපනය දක්වා වන්දනා නඩයක් රැගෙන ගමන් ගත් පෞද්ගලික බස් රථයක් පෙරළී ඊයේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා එක් කාන්තාවක මිය ගොස් තිබෙනවා.

බස් රථය යාපනය - මන්නාරම මාර්ගයේ නාච්චිකුඩා හි කිලෝමීටර් 41 කණුව අසළ දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ඇත්තේ රියදුරුට එය පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන්.

එහිදී පිරිමි පුද්ගලයන් 9 දෙනෙකු කාන්තාවන් 7 දෙනෙකු සහ ළමයි දෙදෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී මිය ගොස් ඇත්තේ යාපනය - ඉලවාලේහි පදිංචි 66 හැවිරිදි කාන්තාවක්.

බස් රථයේ රියදුරු ද යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories