පිලිපීන මත්ද්‍රව්‍ය දඩයමට 1800ක් බිළිවෙයි

Tuesday, 23 August 2016 - 9:52

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+1800%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පිලිපීනයේ නව ජනාධිපති රොඩිගෝ ඩුටරෙට් දියත් කර ඇති මත්ද්‍රව්‍ය මැඩලීමේ දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 1800 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.

පිලිපීන ජාතික පොලිස් ප්‍රධානියා එරට සෙනෙට් කමිටුව වෙත ඊයේ වාර්තාවක් ගොනු කරමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු සදහන් කර ඇත්තේ පසුගිය ජුලි 1 වන දා සිට සිදුකළ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නන් සහ භාවිත කරන්නන් 712 දෙනෙකු මිය ගිය බවයි.

එමෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළව තවත් 1067 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් ප්‍රධානියා වාර්තා කළේ ඒ පිළිබද වැඩිදුර තොරතුරු හෙළිදරව් නොකරමින්.

කෙසේ වෙතත්, මරණ ජගත් සංවිධානය මෙන්ම පිලිපීනයේ හිතවතෙකු වන ඇමරිකා එක්සත් ජනපදයේ දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories