පේරාදෙනියේ සම සෞඛ්‍ය පීඨයේ ගැටුමකින් සිසුන් 5ක් රෝහලේ

Tuesday, 23 August 2016 - 12:52

%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රියේ ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් 5 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

සිද්ධියේදී තුවාල ලැබු පළමු වසරේ සරසවි සිසුන් පස් දෙනා මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පේරාදෙණිය පොලිසිය සඳහන් කළේ.

පසුගිය 21 වැනිදා විශ්වවිද්‍යාලයේ  සම සෞඛ්‍ය පීඨයේ පැවති ශිෂ්‍ය රැස්වීමකට මෙම සිසුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් දෙවන වසරේ සිසුන් පිරිසක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් මෙම ගැටුම හටගෙන ඇති බව සදහන්.

කෙසේ වෙතත්, රෝහල් ගත කෙරුණු සරසවි සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

සිද්ධිය පිළිබඳ පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වන අතර ගැටුමට සම්බන්ධ කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories