බස්නාහිර පළාත් සභාව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

Tuesday, 23 August 2016 - 13:44

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මහරගම - වත්තේගෙදර සණස සමිතියේ බාහිර තැන්පත්කරුවන් පිරිසක් බත්තරමුල්ලේ පිහිටි බස්නාහිර පලාත් සභා සංකීර්ණයේදී අද විරෝධතාවක නිරත වුණා.

ඔවුන් එහි  ප්‍රධාන දොරටුව කඩා බිදදමමින් බලහත්කාරයෙන් ගොඩනැගිල්ලට තුළට ඇතුළුවීම නිසා එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

බස්නාහිර පළාත් සභාව ඉදිරිපිට මෙම තැන්පත්කරුවන් අද උදෑසන විරෝධතාවක් ආරම්භ කළේ වත්තේගෙදර සණස සමිතියේ  තැන්පත් කළ රුපියල් කෝටි 68කට අධික මුදලක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබාගෙන ඉවත්ව ගොස් ඇති බවට චෝදනා කරමින්.

මෙහිදී විරෝධතාකරුවන් දස දෙනෙකුට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවකට අවස්ථාවක් ලබාදී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories