මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිලිබඳ සාකච්ඡාවකදී උණුසුම් තත්ත්වයක්

Tuesday, 23 August 2016 - 19:16

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%B6%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සහය පළ කරමින් විද්වත් වෘත්තිකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් රත්නපුරදී පැවැති සම්මන්ත්‍රණයක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ, එම සම්මන්ත්‍රණයට සහභාගී වූ සබරගමුව විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සම්මන්ත්‍රණයේ දේශකයින් පළ කළ අදහස් වලට සිය විරෝධය පළ කිරීමත් සමගයි.

රත්නපුර නව නගරයේ සමෘද්ධි ශාලාවේදී අද පස්වරුවේ පැවැත්වුණු මෙම සම්මන්ත්‍රණය සංවිධාන කර තිබුණේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය සංසදයයි.

‘‘පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය අපේ රටට අවශ්‍ය ඇයිි‘ යන්න එහි තේමාව වී තිබුණා.

මෙහි දේශකයන් වශයෙන් පුජ්‍ය දඹර අමිල හිමියන්ල පුරවැසිබලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රියල ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහිදී පුජ්‍ය දඹර අමිල හිමියන් අදහස් දක්වා අවසන් වනවාත් සමගම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී සිටි සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් උන්වහන්සේගේ අදහස්වලට විරෝධය පළකළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories