සයිටම් දෙමාපියන් පොලිසියට

Wednesday, 24 August 2016 - 12:48

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දෙමාපිය සංසදය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අතරතුර සිදුවූවා යැයි කියන පහරදීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය පොලිසියෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය සංසදය ද පොලිසියට පැමිණිල්ලක් සිදුකිරීමට සූදානම් වන බවයි එහි සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සහය පළ කරමින් එහි දෙමාපිය සංසදය ඊයේ පැවැත්වූ අදාළ සම්මන්ත්‍රණය අතරතුර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඒ, එම සම්මන්ත්‍රණයකට සහභාගි වූ සබරගමුව විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සම්මන්ත්‍රණයේ දේශකයන් පළකළ අදහස්වලට සිය විරෝධය පළ කිරීමත් සමඟයි.

මෙහි දේශකයන් ලෙස පූජ්‍ය දඹර අමිල හිමියන්, පුරවැසිබලය සංවිධානයේ සම කැඳවුම්කරුවෙකු වන සමන් රත්නප්‍රිය සහ නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඇතුලු පිරිසක් එක්ව සිටියා.

එහිදී පූජ්‍ය දඹර අමිල හිමියන්ගේ අදහස් දැක්වීම අවසන් වනවාත් සමඟ සම්මන්ත්‍රණය සඳහා සහභාගි වී සිටි සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් උන්වහන්සේගේ අදහස්වලට දැඩිව විරෝධය පළ කළා.

සම්මන්ත්‍රණ ශාලාවෙන් පිටතදී මාළඹේ වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය සංසදයේ සභාපති ගැමුණු විජේරත්න පහරදුන් බව පවසමිනුයි සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවා රත්නපුර රෝහලට ඇතුලත් වුණේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories