සූරියවැව වැසියන් පැය 4 ක් මහ පාරේ

Wednesday, 24 August 2016 - 18:41

%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A
දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට මත්තල දක්වා දීර්ඝ කිරීමේදී ඉඩම් සහ නිවාස අහිමිවූවන් පිරිසක් අද සූරියවැව මංසන්ධියේදී විරෝධතාවයක නිරතවුණා.

මේ නිසා සූරියවැව - හම්බන්තොට සහ සූරියවැව - ඇඹිලිපිටිය යන ප්‍රධාන මාර්ග පැය 4 කට අධික කාලයක් අවහිර වී තිබූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එහිදී මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කළ යතුරුපැදිකරුවන් කිහිපදෙනෙකුටද විරෝධතාකරුවන් බාධා කිරීම ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.

විරෝධතාවට එක්වූවන් එහිදී කියා සිටියේ ඉවත් කෙරෙන නිවාස හා ඉඩම් වෙනුවට වන්දි ලබාදෙන බවට බලධාරීන් පොරොන්දු වූවත් අදාළ මුදල් මෙතෙක් තමන්ට ලැබී නොමැති බවයි.

පාගමනින් පැමිණි විරෝධතාකරුවන් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇතුලූවීමට උත්සහ කළ අතර, පොලීසිය මැදිහත්වී එය ව්‍යර්ථ කරනු ලැබුවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories