යාත්‍රාවක් පෙරළී ධීවරයෙකු ජීවිතක්ෂයට

Thursday, 25 August 2016 - 11:18

%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
මාතර - වැලිගම - කප්පරතොට ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය යාත්‍රාවක් පෙරළී එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ තවත් පුද්ගලයෙකු සමඟ මොහු ඊයේ ධීවර කටයුතු සඳහා ගොස් ඇති බවයි.

එම අවස්ථාවේදී ගොඩබිමට කිලෝමීටර 5 ක් පමණ දුරින් මුහුදේදී මෙම යාත්‍රාව පෙරළී තිබෙනවා.

එහිදී යාත්‍රාවේ සිටි අනෙක් පුද්ගලයා දිවි ගලවාගෙන ඇති අතර, අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම - මහවීදිය ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි දෙදරු පියෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories