ආහාර ඔතන බාල පොලිතීන් ලක්ෂ 9ක් සොයාගැනේ

Thursday, 25 August 2016 - 13:11

%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%94%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+9%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
හෝකන්දර දකුණ සහ රත්මලාන ප්‍රදේශවල පවත්වාගෙන ගිය නිෂ්පාදන ආයතනයක් තුළ තිබී ආහාර එතීම සඳහා භාවිතා කරන තත්ත්වයෙන් බාල පොලිතීන් තොගයක් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

හෝකන්දර ප්‍රදේශයේ නිෂ්පාදන ආයතනයක තිබී දවටන 1000 ක් අඩංගු බණ්ඩල 510 ක් සහ රත්මලාන නිෂ්පාදන ආයතනයක තිබී දහසේ බණ්ඩල 410 ක්ද සොයාගෙන ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මේවා මයික්‍රෝන විස්සට අඩු අගයක පැවතුණා. මෙම නිෂ්පාදන අදාළ කර්මාන්තශාලාවල හිමිකරුවන් විසින් ව්‍යාජ නාමයන් සහ ලිපිනයන් යටතේ වෙළඳපොලට නිකුත් කර ඇති බවටයි  පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

මීට පෙරද ප්‍රදේශ කිහිපයකින් මෙලෙස මයික්‍රෝන් විස්සට අඩු ආහාර එතීම සඳහා භාවිතා කරන බාල පොලිතීන් සොයාගෙන තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories