ඕස්ට්‍රේලියා මාධ්‍ය ඊයේ වාර්තාකර තිබූ පරිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2009 වසරේදී කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍යවරයාව සිටියදී එතුමාගේ කාර්ය මණ්ඩල නිලධාරීයෙකු සම්බන්ධව සිදුවූවායැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික අවධානය යොමුව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
එවැනි සිද්ධියක් පිළිබඳ තමාගේ කිසිදු සම්බන්ධයක් හෝ දායකත්වයක් නොමැති බව ප්‍රකාශ කරන ජනාධිපතිවරයා එම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සදහා නීතිපතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ තම දේශපාලන ජීවිතයේදී කිසි විටක තමන් එවැනි දූෂිත අක්රමිකතාවයන් සඳහා මැදිහත් වීමක්, අනුබලයක් හෝ සම්බන්ධයක් සිදු නොකළ බවයි.

Follow US
Most Viewed Stories